Government Logo Pension title Pension Logo
NEWS

03/2015 (Revision II) Obtaining Pension Benifits on the date of Retirement circular released.     ***     04/2016 Agrahara insuarance for pensioners circular released.     ***     Special Letter - EB examination for Document Assistant released..      ***      Special Letter - forward pension files of foreign pensioners to DoP released...      ***      Special Letter - Award pension for gov.officers who appointed after 45 years age...

මහජන දිනය ට විශ්‍රාම වැටුප් මාණ්ඩලික නිලධාරීන් සෘජුව මුණගැසීමේ අවස්ථාව.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කැප වූ රාජ්‍ය ආයතනයක් ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාම වැටුප් ගැටලු සඳහා විසඳුම් ලබා දෙන්නා වූ මහජන දිනයේ දී දෙපාර්තම්නේතුවේ මාණ්ඩලික නිලධාරීන් සෘජුව මුණගැසී ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට විධිවිධාන සලස්වා ඇති අතර එම නව ක්‍රමවේදය ආරම්භ කරමින් 2017.02.15 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී මාණ්ඩලික නිලධාරීන් විසින් විශ්‍රාමිකයන්ගේ ගැටලු වෙත කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන ලදී.

විවිධ වූ ගැටලු අරභයා පැමිණෙන මහජනතාව උදෙසා විසඳුම් ලබා දීම වෙනුවෙන් රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන “ මහජන දිනය” සංකල්පය නව දැක්මකින් යුතුව ඉදිරියට ගෙන යමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2017.02.15 දින සිට සෑම මහජන දිනයක දීම විශ්‍රාමික ප්‍රජාවට මාණ්ඩලික නිලධාරීන් සෘජුව මුණගැසී සිය ගැටලු ඉදිරිපත් කිරීමට ඒ අනුව කටයුතු සම්පාදනය කර ඇත. සිය විශ්‍රාම වැටුප් ගැටලු, අදාළ විෂය භාරව කටයුතු කරන ඉහළම මාණ්ඩලික නිලධාරීන් වෙත සෘජුව ඉදිරිපත් කර විසඳුම් ක්ෂණිකව ලබා ගැනීමේ අවස්ථාව විශ්‍රාමික ප්‍රජාව වෙත මෙමඟින් උදා වනු ඇත.

විශ්‍රාම වැටුප් ගැටලු සඳහා පිළිතුරු ලබා ගැනීමට කිහිපවරක් දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට සිදු නොවන අයුරින් ජ්‍යේෂ්ඨ පුරවැසියාගේ ගැටලු වෙත අදාළ මොහොතේ ම නිසි විසඳුම් ලබා දෙමින් තෘප්තිමත් සේවාවක් පිරිනැමීම මෙහි මූලික අරමුණ වන අතර දෙපාර්තමේන්තුව තුළ විවිධ අංශ වෙත යමින් සිය ගැටලු සඳහා පිළියම් සෙවීමට වෙහෙසවන්නා වූ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියාගේ කාලය සහ ශ්‍රමය අපතේ නොයන අයුරින් විශිෂ්ට සේවාවක් සැපයීම අරමුණු කරමින් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලදී.