Government Logo Pension title Pension Logo
NEWS

03/2015 (Revision II) Obtaining Pension Benifits on the date of Retirement circular released.     ***     04/2016 Agrahara insuarance for pensioners circular released.     ***     Special Letter - EB examination for Document Assistant released..      ***      Special Letter - forward pension files of foreign pensioners to DoP released...      ***      Special Letter - Award pension for gov.officers who appointed after 45 years age...

ඵලදායිතා සංවර්ධන නිලධාරීහු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරති.

ජාතික ඵලදායිතා සම්මාන 2015 තරඟාවලියෙහි රාජ්‍ය ආයතන අතර ප්‍රමුඛයා බවට පත් වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අධ්‍යයනය කිරීම සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයෙහිත් ඊට අනියුක්තව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවය කරන ඵලදායිතා සංවර්ධන නිලධාරීන් 2017.02.21 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. S5 සංකල්පයට ඔබ්බෙන් වූ ඵලදායිතා සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය අධ්‍යයනය සඳහා යොදා ගත හැකි රාජ්‍ය ආයතනයක් ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ

සෑම අංශයක් ම නිරීක්ෂණය කරනු ලැබූ අතර විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලියට ඔබ්බෙන් විවිධ සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සඳහා ඵලදායී සේවාවක් පිරිනැමීම උදෙසා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරන ලදී.විශේෂයෙන් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ක්‍රියාවලි භාවිතය මඟින් කෙටි කලක් තුළ සිදු වූ පරිවර්තනය සැලකීමේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සෙසු රාජ්‍ය ආයතන අතර ඉදිරියෙන්ම සිටින දෙපාර්තමේන්තුවක් ලෙස නිරීක්ෂණයට සහභාගී වූ නිලධාරීන්ගේ පැසසුමට ලක් විය.

රාජ්‍ය නිලධාරීන් ලෙස පෞද්ගලික ලිපි ගොණු යාවත්කාලීන කිරීමේ වැදගත්කම පෙන්වා දුන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා සිය පෞද්ගලික ලිපිගොණු යාවත්කාලීන නොකිරීම හේතුවෙන් විශ්‍රාම වැටුප සකස් කරගැනීමේ දී හා වැන්දඹු අනත්දරු වැටුප ලබාගැනීමේ දී බොහෝ ගැටලු වලට මුහුණ දීමට සිදුවන බවත් එම පණිවුඩය රාජ්‍ය නිලධාරීන් වෙත හැකිතාක් ලබා දීමට කටයුතු කරන ලෙසත් පැමිණි නිලධාරීන් දැනුම්වත් කළේය.