pic 1

 කොවිඩ්-19 වසංගතයේ පවතින වත්මන් තත්වය පිළිබඳව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2020.06.23 වන දින දෙපාර්තමේන්තු  පරිශ්‍රයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය එහි දී දේශනයක් පවත්වමින් වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳවත් එය මැඬ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම්වත් කරන ලදී.

වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ වැඩිහිටි ප්‍රජාව සමඟ ගණුදෙනු කරන ආයතනයක් ලෙසත් විශ්‍රාමිකයන් විශාල ප්‍රමාණයක් සමඟ සම්බන්ධ වන දෙපාර්තමේන්තුවක් ලෙසත් රාජකාරි කටයුතු වසංගතයට පෙර පැවති ආකාරයට ඉටුකිරීමට බාධාවක් නොමැති බවත් විශ්‍රාමික ප්‍රජාව සමඟ කටයුතු කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳවත් මෙහි දී නිලධාරීන් දැනුම්වත් කරනු ලැබිණි.