finger print

වැන්දඹු,වැන්දඹු පුරුෂ හා අනත්දරු ක්‍රමයේ නැවත ලියාපදිංචිය සිදු කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 26/2017 අනුව 82/83 හා M/F කාණ්ඩ යටතේ වැන්දඹු,වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු මධ්‍යගත දත්ත පද්ධතියේ නැවත ලියාපදිංචිය සඳහා ලබා දුන් කාල සීමාව 2021.07.31 දක්වා දීර්ඝ කරනු ලැබිණි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.pensions.gov.lk හෝ http://sathkara.pensions.gov.lk/wop reregistration වෙත පිවිසීමෙන් වැන්දඹු,වැන්දඹු පුරුෂ අනත්දරු ක්‍රමයේ නැවත ලියාපදිංචි වීම දැන් සිදු කළ හැක. නැවත ලියාපදිංචි වීමට අදාළ මාර්ගෝපදේශ පහතින් දක්වා ඇති අතර එහි දැක්වෙන පියවර නිවැරදිව අනුගමනය කර සාමාජික අංක පහසුවෙන් ලබා ගැනීම සිදු කළ හැකිය.

නැවත ලියාපදිංචියෙන් පසු ආයතනය විසින් නිලධාරියාගේ තොරතුරු තහවුරු කිරීම අනිවාර්ය වේ.ඉන් පසු සාමාජික කාඩ් පත්‍රය දෙපාර්තමේන්තු දත්ත පද්ධතියෙන් ලබා ගත හැකි වේ.නැවත ලියාපදිංචිය පහසුවෙන් සහ සරලව සිදු කිරීම සඳහා වූ මාර්ගෝපදේශ මාලාව වෙත මෙතැනින් පිවිසෙන්න

සිංහල මාර්ගෝපදේශය

English Guideline

தமிழ் வழிகாட்டிகள்