නව විශ්‍රාමික හැඳුනුම්පත යනු කුමක්ද?
- 2016 වසරට පෙර විශ්‍රාම ගිය සියළු විශ්‍රාමිකයන්ට මේ වන විට හිමිව තිබෙන විශ්‍රාමික හැඳුනුම්පත යනු භාණ්ඩාගාර 148 ආකෘතිය අනුව සකස් කළ හැඳුනුම්පත වේ. 2016 වසරෙන් පසු විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට ආසන්න ක්ෂේත්‍ර සන්නිවේදන (NFC) පහසුකම් සහිත විශ්‍රාමිකයාගේ ඡායාරූපය, නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, විශ්‍රාම වැටුප් අංකය මුද්‍රිත ඩිජිටල් හැඳුනුම්පතක් විශ්‍රාමික හැඳුනුම්පත ලෙස නිකුත් කරනු ලැබේ.
විශ්‍රාමික හැඳුනුම්පත අස්ථාන ගත වුවහොත් කල යුත්තේ කුමක්ද?
- විශ්‍රාමික හැඳුනුම්පත ඡන්ද ප්‍රකාශ කිරීම ඇතුලු සිවිල් කටයුතු සඳහා ද වලංගු හැඳුනුම්පතක් වන බැවින් එය අස්ථාන ගත වුවහොත් පොලිස් පැමිණිල්ලක් දැමීම අනිවාර්ය වේ. නව විශ්‍රාමික හැඳුනුම්පත ලබා ගැනීමට එම පැමිණිල්ලෙහි සහතික කළ පිටපතක් ඔබගේ ඉල්ලීම් ලිපියක් හා පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක් සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත භාරදිය යුතුය.
පැරණි විශ්‍රාමිකයන්ට හා වැන්දඹු විශ්‍රාමිකයන්ට නව විශ්‍රාමික හැඳුනුම්පත හිමි නොවන්නේද?
- මෙතෙක් ඔවුන් සඳහා නව ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කර නොමැති අතර ඉදිරි ව්‍යාපෘති යටතේ ඒ සම්බන්ධව කටයුතු කිරීමට සැලසුම් කර ඇත.
වයස අවුරුදු 45ට පසු ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලබාදිය හැකිද? එලෙස පත්විමක් ලබා දිය හැක්කේ කුමන පදනම මතද?
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 23/94 අනුව වෛද්‍ය ක්ෂේත්රයේ හැර අනෙකුත් කිසිවෙකු වයස අවු:45 ඉක්මවා සේවයට බදවා ගත නොහැක. එහෙත් ඇතැම් අවස්ථා වල ඒ සදහා සුවිශේෂි සහන අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දි ඇති අතර ඒ පිළිබද විස්තර විශ්‍රාම වැටුප් උපදෙස් ලිපි අංක 5/2016 හි දක්වා ඇත.
රාජ්‍ය සේවකයෙකුට අවු.20 න් විශ්‍රාම යා හැකි චක්‍රලේඛයක් තිබේද?
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/88 යටතේ විශ්‍රාම යාම සඳහා සේවය කරන ආයතනය වෙත ඉල්ලීමක් සිදුකල හැක. විශ්‍රාම වැටුප ගෙවීම සිදුකරනු ලබන්නේ අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුවය.
නිලධාරියාගේ වැටුප් රහිත නිවාඩු කාලය සදහා වැන්දඹු අනත්දරු දායක මුදල් අය කල යුතුද?
- ඔව්.
- නිලධාරියෙකුට වැටුප් රහිත නිවාඩු කාලයක් පවති නම් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2008 හා 2/2013 ට අනුව ගණනය කර චෙක්පත් මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.
විනය හේතුමත විශ්‍රාම ගැන්විම, සේවක අකර්යක්ෂමතාව මත හෝ සානුකම්පිත විකල්පයක් ලෙස විශ්‍රාම ගැන්වීම කල හැක්කේ කෙසේද?
- රාජ්‍ය පරිපාලන චක්‍රලේක අංක 12/2011 ට අනුව කටයුතු කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ විශ්‍රාම වැටුප් ගෙවිමට අනුමැතිය ලබා ගත යුතු අතර එම අනුමැතිය ලද ලිපිය සමඟ විශ්‍රාම වැටුප් අයදුම්පත යොමු කල යුතුය.
ත්‍රිවිධ හමුදා හා පොලිස් වැන්දඹුවන් හා සෙබලාගේ යැපෙන්නන් සදහා හිමි ස්ථාවර මාසික දීමනා යනු කුමක්ද?
-
ත්‍රස්තවාදී හේතූන් මත ජීවිතක්ෂයට පත්වූ හෝ ආබාධිත වූ රණවිරුවන් වෙත අමප/1982 අංක 305 අනුව අවුරුදු 55 දක්වා වැටුප් හා දීමනා ගෙවනු ලැබේ. අවුරුදු 55 දී වැටුප් ගෙවීම නවතින අතර අවුරුදු 55දී ගෙවූ වැටුපට විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කරනු ලැබේ. මෙසේ ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයාගේ අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර වැන්දඹුව හෝ අනත්දරුවන් ලැබූ සම්පූර්ණ දීමනා සහිත වැටුප හා සියලූම හිමි දීමනා සහිත විශ්‍රාම වැටුප් වල එකතුව හා සාමාජිකයාගේ අවුරුදු 55 සම්පූර්ණවීමේදී අවසාන වැටුප මත ප්‍රතිශෝධනය කරන ලද විශ්‍රාම වැටුප් හා අනෙකුත් හිමි දීමනා යන සියල්ලගේ එකතුව අතර වෙනස මාසික ස්ථාවර දීමනාව ලෙස ගෙවනු ලැබේ. මෙසේ ජීවිතක්ෂයට පත් ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයාගේ දෙමව්පියන් වෙත දෙදෙනාම ජීවත්ව සිටි නම් එක්කෙනෙකුට රු.12500ක් බැගින් දෙදෙනාට රු.25000ක ස්ථාවර මාසික දීමනාවක් හිමිවේ. එක් කෙනෙකු පමණක් ජිවත් වේ නම් රු.25000 දීමනාව සම්පූර්ණයෙන් හිමි වේ. ස්ථාවර දීමනාවක් ලබමින් සිට මිය යන හමුදා හෝ පොලිස් සාමාජිකයින්ගේ වැන්දඹුව/අනත්දරුවන් වෙත ලබමින් සිටි ස්ථාවර දීමනාව ඒ ආකාරයෙන්ම ගෙවනු ලැබේ.
ත්‍රස්තවාදී හේතු මත ආබාධිත තත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ලැබෙන ප්රතිලාභ මොනවාද?
- අමප 1982/305(9) යටතේ අවුරුදු 55 දක්වා වන්දි වැටුප
- 1981 යුද/නාවික/ගුවන් හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝශිත සංග්‍රහ යටතේ සේවා විශ්‍රාම වැටුප.
- 1981 යුද/නාවික/ගුවන් හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝශිත සංග්‍රහ යටතේ දුබලතා විශ්‍රාම වැටුප
- ත්‍රිවිධ හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 පිරීමේදී වන්දි වැටුප නැවතූ පසු අවසන් වරට ගත් වැටුප මත ප්‍රතිශෝධිත විශ්‍රාම වැටුප හා මාසික ස්ථාවර දීමනාව.
ත්‍රස්තවාදී හේතු මත මියගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ යැපෙන්නන් වෙත ලැබෙන ප්රතිලාභ මොනවාද?
- අමප1982/305(9) යටතේ අවුරුදු 55 දක්වා වන්දි වැටුප
- 1981 යුද/නාවික/ගුවන් හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝශිත සංග්‍රහ යටතේ යැපීම් දීමනාව
- වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප (සාමාජිකයා විවාහක නම් පමණි)
- ත්‍රිවිධ හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 පිරීමේදී වන්දි වැටුප නැවතූ පසු අවසන් වරට ගත් වැටුප මත ප්‍රතිශෝධිත වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප හා මාසික ස්ථාවර දීමනාව. ත්‍රිවිධ හමුදා සාමාජිකයා විවාහක වුවද දෙමව්පියන් වෙතද මාසික ස්ථාවර දීමනාව හිමිගන්වනු ලැබේ.
යැපීම් දීමනා හිමිවන්නේ කාටද?
-
හමුදා සේවයේ යෙදී සිටියදී මිය ගිය හමුදා සාමාජිකයා විවාහක නම් වැන්දඹුවට හා දරුවන්ට
-
මිය ගිය හමුදා සාමාජිකයා අවිවාහක නම් පුර්ණ වශයෙන් යැපෙමින් සිටි දෙමව්පියන්ට
-
මිය ගිය හමුදා සාමාජිකයාගෙන් පූර්ණ ලෙස යැපෙමින් සිටි වයස අවුරුදු 18ට අඩු සහෝදර සහෝදරියන් හට රාජය ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය මත හිමිවේ.
යැපීම් දීමනා ගෙවීම අත් හිටුවන අවස්ථා මොනවාද?
- වැන්දඹුව නැවත විවාහ වීම මත.
- පිරිමි දරුවෙක් නම් අවුරුදු 18ක වයස් පූරණත්වයට පත්වීම හා ගැහැණු දරුවෙක් නම් අවුරුදු 21ක වයස් පූර්ණත්වයට පත්වීම මත.
- ගැහැනු දරුවා අවුරුදු 21ට අඩුවුවවද විවාහවීම මත
- ප්‍රතිලාභියකු බන්ධනාගාර ගත කිරීම මත
- දෙමව්පියන් නැවත විවාහ වීම මත.
- සහෝදර සහෝදරියන්ට ගෙවෙන අවස්තාවක අවුරුදු 18 පූර්ණත්වයට පත්වීම මත.
නීත්‍යානුකූලව විවාහ වී ඇති රාජ්‍ය සේවකයකුගේ විශ්‍රාමය සම්බන්ධ වැන්දඹු අනත්දරු හිමිකම්, පවුලේ අභ්‍යන්තර ගැටළු මත නීතියෙන් වෙන් නොවූ කලත්‍රයකුට අහිමි කල හැකිද?
- නීත්‍යානුකූලව විවාහ වූ රාජ්‍ය සේවකයකුගේ වැන්දඹු අනත්දරු හිමිකම් අනිවාර්යයෙන්ම ඔහුගේ / ඇයගේ කලත්‍රයාට හිමි වන අතර එම හිමිකම් අහිමි වීමට ඔවුන් නීත්‍යානුකූලව දික්කසාද වී ඒ සඳහා නියත තීන්දුව ලබා තිබීම අනිවාර්ය වේ.
දික්කසාදයක් සඳහා වූ නෛසර්ගික තීන්දුව ලබාගෙන, නියත තීන්දුව ලබා නොගෙන නැවත විවාහ වූ රාජ්‍ය සේවකයකුගේ කලත්‍රයාට වැන්දඹු අනත්දරු හිමිකම් ලැබීමට සුදුසුකම් පවතීද?
- නැත. නෛසර්ගික නියෝගයෙන් තෙමසකට පසු ඒ සඳහා නියත තීන්දුව ලබා ගැනීම අනිවාර්ය වේ. එසේ ලබා නොගෙන සිදු කරන නැවත විවාහ බහුවිවාහ වන බැවින් ඒ සඳහා වැන්දඹු අනත්දරු හිමිකම් නොලැබේ.
විශ්‍රාමිකයෙකු බන්ධනාගාර ගත වීමකදී විශ්‍රාම වැටුප අත්හිටුවීමක් සිදු වේද? එසේ අත්හිටුවීමක් සිදුකල හොත් හිඟ විශ්‍රාම වැටුප ගෙවීමක් සිදුකෙරේද?
- විශ්‍රාම වැටුපක් හෝ විශ්‍රාම දීමනාවක් හිමි අයෙකු මරණීය දඬුවමක් ලැබෙන වරදකට හෝ බරපතල වැඩ ඇතිව කිනම් කාලයකට හෝ බන්ධනාගාර ගත කරවන වරදකට හෝ ඒ හා සමාන දොළොස් මාසයකට වැඩි දඬුවමකට භාජනය වන වරදකට අසුවී වරදකාරයා වුවහොත්, එම විශ්‍රාම වැටුප හෝ දීමනාව නතර කරනු ලබයි. ඒසේ නතර කරන ලද විශ්‍රාම වැටුප වරදකරු බන්ධනාගාරයෙන් නිදහස් වූ පසුව අමාත්‍යාංශ ලේකම්වරයාට අභිමතයක් සිදු කළ හැකිය.
- එහෙත් අධිකරණයක් මගින් අත්හිටවූ සිර දඬුවමක් පැනවූ විට ඒම අත්හිටවූ සිර දඬුවම ක්‍රියාත්මක වන කාලය තුළ වෙනත් වරදක් සිදුනොකලහොත්, ඒම කාලය තුළ හෝ ඉන්පසුව විශ්‍රාම වැටුප අත්හිටුවීම සිදුකරනු නොලබයි.
- සාමන්‍ය වරදකට වරදකරු වී බන්ධනාගාරගතවූවන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම නතර කළ යුතු ය.එය නැවත සක්‍රීය කිරීමට ඉල්ලීමක් ලදහොත් එය විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ යුතු ය.එහි දී රජයේ වියදම් අයකර හිඟ මුදල් ගෙවීම පිළිබඳ තීරණයක් ගැනීම විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදු කරනු ඇත.
මරණ පාරිතෝෂිකයක් ලැබීමට තිබිය යුතු අවම සේවා කාලය කොපමණද?
- විශ්‍රාම වැටුප් හිමි තනතුරක ස්ථිර කරන ලද රජයේ සේවයේ අවුරුදු පහක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය.
ගිය මස විශ්‍රාම වැටුපෙන් අඩුවීමක් සිදු වී ඇත. ඒ සම්බන්ධයෙන් දැනගන්නේ කෙසේද?
- විශ්‍රාම වැටුප් හිමිකම අනුමත කළ පසු සියලු ගෙවීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් කළමනාකරණය කරන බැවින් එම සියලු විමසීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහාම සිදු කළ යුතුය. ඔබ විශ්‍රාම වැටුප ලබාගන්නා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් විෂය භාර නිලධාරීතුමා හමුවී අදාළ තොරතුරු ලබාගත හැක.
2020/01/01 දිනට විශ්‍රාම වැටුප වැඩිවීම මෙතෙක් සිදු වී නොමැත. හේතුව කුමක්ද ?
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 35/2019(සංශෝධන I) මගින් විශ්‍රාම වැටුප් සංශෝධනය තාවකාලික අත්හිටුවීමක් සිදුකර ඇති නිසාවෙන්.
උරුමකරු ගෙවිමකදි ඒ සදහා හිමිකම් පැමේ අයිතිවාසිකම් ඇත්තේ කවුරුන් සදහාද?
- වැන්දඹු බිරිද
- දරුවන් නොමැති නම් වැන්දඹු පුරුෂයා
- දරුවන්( වයස් මට්ටම හා විවාහක අවිවාහක තත්වය නොසලකා හරිනු ලැබේ)
- අවිවාහක නිලධාරියෙක් නම් මව හා පියා
- අවිවාහක නිලධාරියෙක් නම් මව හා පියා මිය ගොස් ඇති අවස්ථාවකදි සහෝදර සහෝදරියන් වෙත ගෙවිම් කරනු ලැබේ
- අධිකරණයක් විසින් උරුමකරුවන් තිරණය කරන අවස්ථාවකදි.
විශ්‍රාම ගිය පසු පරිපාලනමය ගැටලු නිසා නැවත විශ්‍රාම වැටුප් සංශෝධනයකදි අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටිය කුමක්ද?
- සංශෝධන අයදුම්පත්‍රය (PD 6 ) අනුමත වු පසු එහි හිමිකම් පත්‍රය අන්තර්ජාලය මගින් ලබා ගත් පසු අදාල ආයතය මගින් ඊට අනුරූපව භාණ්ඩාගාර 79 නිකුත් කර සංශෝධනයට අදාල අනෙකුත් ලිපි ලේඛන සමග අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යොමු කල යුතුය. ඒ අනුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් හිඟය සහ හිඟ වැටුප් ගෙවිමට අදාල ලිපි ලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කල පසු ඊට අදාල ගෙවිම් කටයුතු සිදු කරනු ලැබේ.