forigen pen21

2020 සහ 2021 දෙවර්ෂයම සඳහා ජීවිත සහතික ලබා නොදුන් විදේශ විශ්‍රාමිකයන්ගේ මාසික විශ්‍රාම වැටුප 2021 අගෝස්තු මස සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බැවින් මෙතෙක් ජීවිත සහතික ලබා නොදුන් විශ්‍රාමිකයන්,එය කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

වැඩි විස්තර සඳහා පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයන් සහ දුරකථන අංකයන් සම්බන්ධ කර ගන්නා මෙන් වැඩි දුරටත් දන්වා සිටිමි.

Since a decision has been taken to suspend temporarily the monthly pension of the pensioners staying abroad, who have not submitted life certificates for both years of 2020 and 2021, from August 2021. it is kindly requested from the pensioners, who have so far not submitted life certificates, to submit them without delay.

Kindly note to use following e mail addresses and contact numbers for further details.

 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+94 112 327 752

pic 1

 

 

 

 

 

 

 

රාජ්‍ය සේවකයින් වැන්දඹු හා අනත් දරු ක්‍රමයේ නැවත ලියාපදිංචි වීම සඳහා දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කළ යුතු අතර එම ක්‍රියාවලියෙන් පසු අදාළ නිලධාරීන් සේවය කරන අයතනයේ විෂය භාර නිලධාරීන් විසින් මාර්ගගත (Online) දත්ත පද්ධතිය තුළ රාජ්‍ය නිලධාරියාගේ ලියාපදිංචිය තහවුරු කිරීම (Verification) සිදු කළ යුතු ය.ලියාපදිංචි කළ නිලධාරින්ගේ වැන්දඹු හා අනත්දරු සාමාජික කාඩ්පත වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක්කේ එම තහවුරු කිරීමෙන් අනතුරුවයි.

 ඒ අනුව නැවත ලියාපදිංචිය සම්පූර්ණ කිරීම සිදු කළ යුතු ආකාරය දන්වමින් කෙටි පණිවුඩයක් (SMS) දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කර එම දත්ත තහවුරු නොකළ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ ජංගම දුරකථන වෙත ලබා දීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.
 
කෙටි පණිවුඩය ලැබුණු සියලුම නිලධාරීන් සිය ආයතනයේ විෂය භාර නිලධාරීන් හැකි ඉක්මණින් ඒ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කළ යුතු අතර මාර්ගගත පද්ධතිය තුළ තහවුරු කිරීමෙන් පසුව ඔවුන්ගේ සාමාජික කාඩ් පත්‍රය වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ලැබේ.මේ වන විට රාජ්‍ය නිලධාරින් 180,000 ක් පමණ දත්ත පද්ධතිය තුළ නැවත ලියාපදිංචිය හා සම්බන්ධ වී සිටියි.
 
මෙම පණිවිඩය ලැබෙන අවස්ථාව වන විට අදාළ නිලධාරියා විශ්‍රාම ගොස් ඇත් නම් මේ සම්බන්ධව කටයුතු කිරීම අවශ්‍ය නොවේ. 
 
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 26/2017 (V) චක්‍රලේඛය අනුව රාජ්‍ය නිලධාරින් සඳහා වැන්දඹු හා අනත්දරු ක්‍රමයේ නැවත ලියාපදිංචි වීමට ලබා දුන් කාල සීමාව 2021.07.31 දිනයෙන් අවසන් වේ.
 
නැවත ලියාපදිංචිය හා තහවුරු කිරීම සම්බන්ධ මාර්ගෝපදේශය පහත සබැඳියෙන් ලබා ගන්න.