pic 1

 කොරෝනා වසංගත කාලය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් සංවිධානය කළ වැඩසටහනක් පසු ගිය දා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ගාල්ල කොටුව බාල දක්ෂ පෙදෙසෙහි පිහිටි ‘Hall de Galle’ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහිදී වසංගත කාලය තුළ විශ්‍රාම ගිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි 200 කට අධික නව විශ්‍රාමිකයන් පිරිසකට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් සපයන ලදී. වසංගත තත්ත්වය තුල සහභාගී වන විශ්‍රාමිකයන්ගේ උපරිම සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගනිමින් මෙම කටයුත්ත සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය උපරිම සහයෝගය දෙනු ලැබුවේය.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ ජගත් ඩී ඩයස් මහතා ද මෙම අවස්ථාව නිරීක්ෂණය කරන ලද අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරි කණ්ඩායමක් මේ සඳහා ස්වේච්ඡාවෙන්ම තම දායකත්වය ලබා දෙනු ලැබීය.