pic 1

 මේ වන විට රට තුළ උද්ගතව පවතින හදිසි වාතාවරණය හේතුවෙන් බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවකට ඇඳිරි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති අතර විශ්‍රාම වැටුප්   දෙපාර්තමේන්තුව පිහිටි   මරදාන පොලිස් බල ප්‍රදේශයට ද ඇඳිරි නීතිය තත්ත්වය බලපැවැත්වේ. මේ හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් කළමනාකරණ   පද්ධතියේ   ක්‍රියාවලිය තාවකාලිකව නතර කිරීමට     පියවර ගෙන ඇත.

 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්‍ත පද්ධතියේ දැනට නිවැරදිව තොරතුරු යාවත්කාලීන කර ඇති නව විශ්‍රාමික අයදුම්කරුවන් සඳහා එළැඹෙන නොවැම්බර් මාසයේ විශ්‍රාම වැටුප්   ගෙවීමට   දෙපාර්තමේන්තුව    කටයුතු කරමින් සිටින බව මෙයින් දැනුම් දෙනු ලැබේ.