pic 1

 නව විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩී.එම්.පී ජයවර්ධන මහතා පත් වේ.

 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩී.එම්.පී ජයවර්ධන මහතා 2021.06.07 වන දින රාජකාරී භාර ගත්තේය.

 පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ මහතා ඒ මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ආයතන) ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව   අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් ව සිටියි.
 
 සමාජ සේවා අමාත්‍යාංශය,කර්මාන්ත හා ක්‍රීඩා අමාත්‍යාංශය,බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,රාජ්‍ය කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සේවය කර   ඇති ඒ මහතා අත්දැකීම් බහුල රාජ්‍ය නිලධාරියෙකි.
 
 ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් සිදුකරන තාක්ෂණික සහ නව්‍යකරණ කටයුතු සඳහා සංවර්ධනය හා පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳ ඔහු සතු   අත්දැකීම් සම්භාරය බෙහෙවින් ඉවහල් වනු ඇත. නව විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉදිරි රාජකාරී කටයුතු වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන සියලුම   නිලධාරින්, දෙපාර්තමේන්තුවට අනුයුක්තව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යලයන්හි කටයුතු කරන නිලධාරින් ඇතුළු ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාවගේ සුබාශිංසන මෙසේ පිරිනමන්නෙමු.