PUBLIC DAY

 

 

 

රාජ්‍ය ආයතන මහජන දිනය ක්‍රියාත්මක කරනු ලබන "සඳුදා" දිනයේ  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීමට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව සඳුදා දිනයේ සිය විශ්‍රාම වැටුප් හා සම්බන්ධ ගැටලු විසඳාගැනීමට පැමිණෙන විශ්‍රාමිකයන්ට දෙපාර්තමේන්තුවේ විෂය භාර මාණ්ඩලික නිලධාරීන් සෘජුව මුණගැසී සිය ගැටලු ඉදිරිපත් කිරීමට ත් විසඳුම් ඒ මොහොතේම ලබා ගැනීමටත් අවස්ථාව හිමි වේ.

එබැවින් විවිධ විශ්‍රාම ගැටලු සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පැමිණෙන විශ්‍රාමිකයන් හැකිතාක් සඳුදා දිනය ඒ සඳහා යොදාගන්නා ලෙසට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.