forigen pen21

විනය ගරුක, නීති ගරුක, ගුණ ගරුක සහ සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කිරීම සඳහා මෙන්ම තිරසර භෞතික සම්පත් සංවර්ධනය කිරීම තුළින් ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් සහ පරිසර කළමනාකරණය ඔස්සේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැපවීමට ප්‍රතිඥා දෙමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2022.01.03 වැනි දින නව වසරේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.

කොවිඩ්-19 පිළිබඳ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරමින් ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි පූජා කළ සියලු විරුවන් සිහිපත් කරනු ලැබීය. පිරිත් සජ්ජායනය කර බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම මධ්‍යයේ නිල රාජකාරී ආරම්භ කරනු ලැබූ අතර ගත වූ 2020 සහ 2021 අභියෝගාත්මක දෙවසර පිළිබඳ ආවර්ජනය කරමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමන්, අසීරු සහ දුෂ්කර වාතාවරණය මධ්‍යයේ දෙපාර්තමේන්තු කාර්යභාරය සාක්ෂාත් කර ගැනීමට  කටයුතු කළ සියලුම දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව විශ්‍රාම වැටුප් විෂය භාරව කටයුතු කරන සියලුම නිලධාරීන් වෙත විශේෂ ස්තූතිය පිරිනමන ලදී.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ අරමුණ වන්නේ විශ්‍රාමිකයන් සහ ඔවුන්ගේ ප්‍රතිලාභීන් සඳහා විශ්‍රාම වැටුප් කාර්යක්ෂම සහ ප්‍රමාදයකින් තොරව නියමිත වේලාවට ලබා දීමයි. පැවති අභියෝගාත්මක වාතාවරණයේ පවා එම අභියෝගයන් සියල්ල ජය ගනිමින් දිනක හෝ ප්‍රමාදයකින් තොරව විශ්‍රාමිකයන් අතට විශ්‍රාම වැටුප ලබා දීමට කටයුතු කළ පරිදිම එම අභියෝග පන්නරයක් කර ගනිමින් 2022 වර්ෂය ආරම්භ කළ යුතු බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමන් විසින් මෙහි දී විශේෂයෙන් සඳහන් කරන ලදී.

මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ ජගත් ඩී ඩයස් මහතා,අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.පී ජයවර්ධන මහතා,ප්‍රධාන ගණකාධිකාරී ඒ.ඩී.ටී.එන් අබේසිංහ මහතා තොරතුරු තාක්ෂණ අංශයේ උපදේශක එඩ්වඩ් පෙරේරා මහතා ඇතුළු මාණ්ඩලික සහ සෙසු නිලධාරීන් සහභාගී විය.

forigen pen21  forigen pen21

 

forigen pen21  forigen pen21 forigen pen21