forigen pen21

 

 

 

 

 

 

 

 

යුධ හමුදාව,නාවික හමුදාව,ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන් හි විශ්‍රාම වැටුප් සම්බන්ධ ක්‍රියාවලිය මෙහෙයවනු ලබන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිකුණාමලය  නාවික හා සාගරික විද්‍යා පීඨයේ නිලධාරීන් කණ්ඩායමක් 2022.04.07 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත විය.

 

මධ්‍යගත දත්ත පද්ධතියක් හා යා වෙමින් මාර්ගගත ක්‍රියවලිය ඔස්සේ විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුවන ආකරය සහ ත්‍රිවිධ හමුදාවන්ට අදාළව සන්නද්ධ සේවා විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය පිළිබඳ මෙහි දී නිලධාරීන් දැනුම්වත් කිරීම සිදු කරනු ලැබීය.

 

එමෙන්ම  වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ හා එම ලිපිගොණු නිවැරදිව යාවත්කාලීන කිරීම පිළිබඳව නිලධාරීන් දැනුම්වත් කරනු ලැබිණි.

 

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මධ්‍යගත සහ විමධ්‍යගත ලෙස දෙයාකාරයකින් සිදුකෙරෙන විශ්‍රාම වැටුප් ලියාපදිංචි කීරිම් ඇතුළු ගෙවීම් ක්‍රියාවලිය ඒ ඒ අංශවලින් සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීමට ද එම නිලධාරීන්ට අවස්ථාව හිමි විය. විශ්‍රාම යන අවස්ථාවේ සෑම රාජ්‍ය නිලධාරියකු ම අනිවාර්යයෙන් සහභාගි විය යුතු සත්කාර පියස සම්මුඛ පරීක්ෂණය සිදුවන ආකාරය ද මෙහි දී නිරීක්ෂණය කෙරිණි.

 

මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය  නාවික හා සාගරික විද්‍යා පීඨයේ  නිලධාරින් 5 දෙනෙකු ඇතුළු සෙසු නිලයන් 30 දෙනෙකු සහභාගී විය.

          

 alt=