forigen pen21

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ දී එක්වරක් අනිවාර්යයෙන් සහභාගී විය යුතු 'සත්කාර පියස සම්මුඛ පරීක්ෂණය' විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන ශාඛාවේ දී පමණක් පැවැත්වුණු අතර එම ක්‍රියාවලිය විමධ්‍යගත කරමින් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
 
එහි පළමු අදියර 2022.04.25 වන දින ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් ආරම්භ කෙරිණි.
 
කොරෝනා වසංගතය පැවති ඉකුත් කාල සීමාව තුළදී නියමු ව්‍යාපෘතියක් ලෙස සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීම ආරම්භ කෙරුණු අතර කොළඹ ප්‍රධාන ශාඛාව වෙත පැමිණීමෙන් තොරව පහසුවෙන් සිය දිස්ත්‍රික්කය තුළ දීම සිය විශ්‍රාම වැටුප සක්‍රීය කිරීම සිදු කර ගැනීමට විශ්‍රාමිකයන්ට අවස්ථාව හිමිවිණි.
 
 සහභාගී වන විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිම රැකෙන ලෙස වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා සහ මාතර දිස්ත්‍රික් ලේකම් වයි වික්‍රමසිරි මහතා ඇතුළු ඔවුන්ගේ කාර්ය මණ්ඩලයන්ගේ උපරිම සහයෝගය හිමි විය.
 
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රාදේශීය වශයෙන් අනියුක්ත කරමින් මේ සදහා දායකත්වය ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලදී.

 

 

          






 alt=