forigen pen21

 

 

 

 

 

 

 

 

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ ඉදිරියේ දී ඇති වීමේ අවධානමක් මතුව තිබෙන ආහාර අර්බුදය සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන් සූදානම් කිරීමක් ලෙස බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වෙමින් ගෙවතු වගා කිරීම පිළිබඳව දැනුම්වත් කිරීම හා ඒ සඳහා නිලධාරීන් දිරිමත් කිරීමේ වැඩසටහනක් 2022.06.08 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

නාගරික පරිසරයේ සීමිත ඉඩ ප්‍රමාණයක් පවතින නිවාසවල මෙන්ම අනෙකුත් නිවාසවල ගෙවතු වගාවන් සඳහා යොමු විය හැකි නවීන ක්‍රම පිළිබඳ මෙහි දී අවධානය යොමු කෙරුණු අතර වගාවක් සඳහා බීජ සකස් කර ගැනීම, තවාන් දැමීම, කාබනික පොහොර නිර්මාණය කර ගැනීම ආදී අංශ ගණනාවක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන් භෝග වගා කිරීමේ දී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටළු තාක්ෂණික කරුණු පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙහි දී සාකච්ඡා විය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමයේ අනුග්‍රහයෙන් දෙපාර්තමේන්තුගත සියලුම නිලධාරීන් වෙත භෝග වර්ග කිහිපයකට අදාළව වටිනා බීජ පැකැට්ටු  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය සහ ගෙවතු වගාව පිළිබඳ තොරතුරු අන්තර්ගත කෙරුණු ග්‍රන්ථයක් ලබා දීම ද මෙහි දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට  බස්නහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර පළාත් අධ්‍යක්ෂ ගීතානි ස්වරණලතා මහත්මිය,කෘෂිකර්ම උපදේශක සී.එන්.එස් දිල්හාන් මහතා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.පී ජයවර්ධන මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගි විය.



          

 alt=