විශ්‍රාම වැටුප් හා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් ඉතිහාසය ආරම්භ වන්නේ වසර 1815 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසි ජාතිකයන්ගේ පාලනයට නතුවිමත් සමඟ ය.යටත් විජිතයෙහි සේවය කළ රාජ්‍ය නිළධාරීන්ට මාසික වැටුප් මෙන් ම විශ්‍රාම වැටුප ද හිමි වූ අතර එම ගෙවීම් පිළිබඳ වගකීම යටත් විජිත ලේකම් වෙත පැවරී තිබුණි. විශ්‍රාම වැටුප් ගෙවිම පිළිබඳ මූලික වාර්තා විසිවන ශතවර්ෂයේ ආරම්භයේ සිට දක්නට ලැබෙන අතර වර්ෂ 1947 අංක 02 දරණ ආඥා පනතේ 02 වැනි වගන්තියෙන් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය ස්ථාපිත වුවත් විශ්‍රාම වැටුප වර්ෂ 1901 සිට ලංකාවේ පැනවූ නීතියේ කොටසක් බවට පත්ව ඇත.

වර්ෂ 1947 දී කෙටුම්පත් කළ ව්‍යවස්ථා සංග්‍රහයේ විවිධ සංශෝධනටන්ට යටත්ව දැනට 1972 මැයි මස 05 වැනි දින සංශෝධිත විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ විධි විධාන බල පැවැත්වේ. ශේෂගත ඉපැරණි සාධක අනුව වර්ෂ 1920 දී ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් වියදම රු. 2,155,792.10 ක් වන අතර එම වසරේ දී රජයේ මූලික වැටුප් වියදම රු.20,889,613.38 කි. තව ද එම වසරෙහි සමස්ත විශ්‍රාමික ප්‍රමාණය 1200 කි. මුළු විශ්‍රාම වැටුප් වියදමෙන් රු. 1,249,833.29 ක් දේශීය වශයෙන් ගෙවා ඇති අතර සැලකිය යුතු විදේශ සේවක පිරිසක් ද රාජ්‍ය සේවයේ නියුතුව සිටි බැවින් රු. 905,958.87 ක් විදේශිය විශ්‍රාමිකයන් වෙත Crown Agent විසින් ගෙවීම සිදු කර ඇත. 1898 අංක 01 දරණ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනතින් ආරම්භ වන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය 1906 දක්වා වැන්දඹු අනත්දරු අරමුදලක් වශයෙන් ක්‍රියාත්මක වූ අතර 1906 දී අරමුදල අහෝසි වී විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් බවට පරිවර්තනය විය. එහි දී අයකරන ලද සියලු දායක මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර විය. ඒ අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය.

රාජ්‍ය සේවයට බැදුණු විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලත් සියලු නිළධාරීන් අනිවාර්ය වශයෙන් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතු අතර 1983.08.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලත් සියලු රාජ්‍ය නිළධාරිණියන්ද අනිවාර්ය වශයෙන් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතු ය.1898.06.23 දින සිට බලපැවැත්වෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ආඥා පනත විවිධ යුග වලදී සිදු වූ සංශෝධනයන්ට යටත්ව දැනට ක්‍රියාත්මක වන්නේ 2010 අංක 08 දරණ සංශෝධන පනතයි. විශ්‍රාම වැටුප් ක්‍රමයේ ඉතිහාසය එසේ කාලීන වශයෙන් වෙනස්කම් සිදු වෙමින් යාවත්කාලීන වෙමින් පවතින අතර විවිධ යුග අනුව විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය සිදු කරනු ලබන ආයතනය හා ආයතන ව්‍යුහය ද විවිධ යාවත්කාලීනවීම් වලට යටත් වී ඇත. අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් මිදුන ලංකාවේ රාජ්‍ය නිළධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම් සම්බන්ධ කාර්යභාරයේ වගකීම පැවරී තිබුණේ මහා භාණ්ඩාගාරයේ අතිරේක ආයතන පාලකවරයකුට ය.එහෙත් 1970 දී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය බිහි වීමත් සමග ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස 1970.12.23 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ස්ථාපිත විය. එහි දී රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම් විෂයට අමතර වශයෙන් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල ද මේ දෙපාර්තමේන්තුවේ 2010 අංක 08 දරණ සංශෝධන පනතයි. විශ්‍රාම වැටුප් ක්‍රමයේ ඉතිහාසය එසේ කාලීන වශයෙන් වෙනස්කම් සිදු වෙමින් යාවත්කාලීන වෙමින් පවතින අතර විවිධ යුග අනුව විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය සිදු කරනු ලබන ආයතනය හා ආයතන ව්‍යුහය ද විවිධ යාවත්කාලීනවීම් වලට යටත් වී ඇත. අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් මිදුන ලංකාවේ රාජ්‍ය නිළධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම් සම්බන්ධ කාර්යභාරයේ වගකීම පැවරී තිබුණේ මහා භාණ්ඩාගාරයේ අතිරේක ආයතන පාලකවරයකුට ය.එහෙත් 1970 දී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය බිහි වීමත් සමග ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස 1970.12.23 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ස්ථාපිත විය. එහි දී රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම් විෂයට අමතර වශයෙන් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල ද මේ දෙපාර්තමේන්තුවේ.

විෂය පථයට එක්කරන ලදී.එතෙක් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය මුදල් අමාත්‍යංශය යටතේ උප දෙපාර්තමේන්තුවක් වශයෙන් (වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් කාර්යාලය) පැවතුනි. රාජ්‍යසේවා අර්ථසාධක අරමුදල ක්‍රියාත්මක වූයේ 1942 ඇරඹූ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ සහභාගීත්වයෙනි. රාජ්‍ය සේවා සමාජාරක්ෂණය ප්‍රමුඛ වූ මේ අංශ ත්‍රිත්වය ඒකාබද්ධ කර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිර්මාණය වුවත් මේ දෙපාර්තමේන්තුව ස්ථාපිතව තිබුණේ මහා භාණ්ඩාගාරයෙහිය. පසුව විවිධ අංශ කොළඹ ප්‍රධාන ස්ථාන කීපයක පවත්වාගෙන යන ලදී.එනම් කොළඹ මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ දෙවන මහලේ ප්‍රධාන කාර්යාලය හා අංශ කීපයකුත්, පළමු මහලේ එක් අංශයකුත්, එම ගොඩනැගිල්ල අවට බිමෙහි වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් කාර්යාලයත්, බම්බලපිටියේ ගොඩනැගිල්ලක රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් කාර්යාලයත්, මාළිගාවත්ත මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ගුරු වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් කාර්යාලයත් පවත්වාගෙන යන ලදී. මේ අංශ විසිරී පැවතීම නිසා ඇති වූ පරිපාලනමය අපහසුව හා සේවා දායකයන්ට දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමේ දී ඇති වූ දුෂ්කරතා සැලකිල්ලට ගෙන 1980.08.10 දින කොළඹ පිටකොටුවේ ඇන්.එච්.ඇම්.කාදර් මාවතේ අංක 10 දරන ස්ථානයේ පිහිටි කැප්රිකෝන් ටවර් ගොඩනැගිල්ලට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගෙනයන ලදී. පසු කාලීනව රටේ පැවති ත්‍රස්තවාදී වාතාවරණය මත ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමත් සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මාළිගාවත්ත මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කරන ලදී. එතැන් සිට අද දක්වා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මහල් පහකින් යුතු එම ගොඩනැගිල්ලේ ස්ථාපිතව පවතී.

එමෙන්ම සංවිධාන ව්‍යුහ ඉතිහාසය සැලකිල්ලට ගැනීමේ දී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතට පත්වීමෙන් අනත්දරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා වූයේ අතිරේක ආයතන පාලන වශයෙන් කටයුතු කළ ලෙනාඩ් පනම්බලම මහතාය. ඒ වන විට දෙපාර්තමේන්තු සමස්ථ කාර්ය මණ්ඩලය 200 කට සීමා විය. ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, ඒකාබද්ධ සේවයේ අනෙකුත් නිළධාරීන්ගෙන් කාර්ය මණ්ඩලය සමන්විත වූ අතර දෙපාර්තමේන්තු කාර්යභාරය පුළුල් වීමත් සමඟ 2005 වසරේ දී විශ්‍රාම වැටුප් නිලධාරීන් 340 ක් හා ලේඛන සහකාරවරු 141 ක් බඳවා ගැනීමෙන් පසු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුගත නිලධාරී ගණනයක් ද ස්ථාපිත විය. තව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බලය දිසාපති කාර්යාලයන් වෙත විමධ්‍යගත කර තිබූ අතර 1993 දී එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා ව්‍යාප්ත විය. එමෙන්ම 1996 දී ඒ ඒ රාජ්‍ය ආයතන වෙතට තවදුරටත් කාර්යභාරය විමධ්‍යගත කරන ලදී. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ යටතේ දෙපාර්තමේන්තුවක් බවට පත්වීමෙන් පසු මේ දක්වා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස කටයුතු කරන ලද්දේ පහත නිළධාරීන්ය.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකවරුන්

වර්ෂය නම
1971 - 1975 ලෙනාඩ් පනම්බලම මහතා
1976 - 1979 ශ්‍යාමන් ජයසිංහ මහතා
1979 - 1986 ඩොනල්ඩ් අබේසිංහ මහතා
1987 - 1989 එස්. සිවානන්දන් මහතා
1990 - 1991 ඔස්ටින් ජයවර්ධන මහතා
1991 - 1995 ආර්. ඩබ්. පියසේන මහතා
1995 - 1997 ආරිය සමරවීර මහතා
1997 - 2001 පී. එම්. පී.ජයවර්ධන මිය
2001 - 2002 එස්. ඩබ්. රාජපක්ෂ මහතා
2002 - 2004 වික්ටර් සමරවීර මහතා
2004 - 2012 කේ. ඒ. තිලකරත්න මහතා
2012 - 2012 එන්. අබේවික්‍රම මිය
2012 - 2013 ඩී.ස්වර්ණපාල මහතා
2013 - 2016 එස්. එස්. හෙට්ටිආරච්චි මහතා
2016 මේ දක්වා ඒ. ජගත් ඩී. ඩයස් මහතා

නවතම පුවත් සහ සිදුවීම්