forigen pen21

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්ට අදාළව විශ්‍රාම වැටුප් ඇතුළු දීමනා ගෙවීම් කරනු ලබන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ නිලධාරීන් කණ්ඩායමක් 2023.12.14 වැනි දින අධ්‍යයන චාරිකාවක නිරත විය. සන්නද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ හා ඔවුන්ගේ යැපෙන්නන්ට අදාළව විශ්‍රම වැටුප් ප්‍රතිලාභ ගණනය කිරීම් සිදු කරනු ලබන ආකාරය හා වැන්දඹු අනත් දරු ක්‍රමවේදය පිළිබඳ පැමිණි නිලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කරනු ලැබීය. විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සිදු කිරීම දක්වා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඒ ඒ අංශයන් හි කාර්ය භාරය නිරීක්ෂණය කිරිමට ද ඔවුන්ට මෙහි දී අවස්ථාව හිමි විය. මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ නිලධාරීන් 47 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වී සිටියහ.

          

 alt=             
                          

 

forigen pen21

 

 

 

 

 

 

 

 

 

 

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සුභ සාධක සංගමය මඟින් 2023 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උළෙල 2023.05.20 වන දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණ.

2022 වසර අවසානයේ එක්වර විශ්‍රාම ගැන්වුණු රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයකගේ විශ්‍රාම ගැන්වීම් කටයුතු සමඟ අතිශය කාර්යබහුල වූ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා මඳ අස්වැසිල්ලක් ලබා දීමේ අරමුණින් සංවිධානය කෙරුණු මෙම උළෙල, සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහන් කිහිපයක් හා යුද හමුදා වාදක කණ්ඩායමේ සහභාගීත්වයෙන් යුතුව පැවති මියුරු සංගීතමය වැඩසටහනකින් ද විචිත්‍රවත් විය.

මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී.ඩයස් මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ දූ දරුවන් රැසක් සහභාගී වූ අතර ජයග්‍රාහකයින් වෙනුවෙන් සහ පැමිණි සියලුම දරුවන් සඳහා විශේෂ ත්‍යාග ප්‍රදානයක් ද සිදු කරනු ලැබිණි.

          

 alt=             
                          

 

forigen pen21

 

 

 

 

 

 

 

 

 

 

 

 

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලබන නිලධාරීන් හඳුනා ගැනීම සඳහා නිකුත් කරනු ලබන විශ්‍රාමික හැඳුනුම්පත නව්‍යතාවයකින් යුතුව නිකුත් කිරීමට පියවර ගෙන ඇත.එය විශ්‍රාම වැටුප සක්‍රීය කරන අවස්ථාවේ දී ම ලබා දීම 2023.04.10 වැනි දින සිට ආරම්භ කෙරිණි.

විශ්‍රාමිකයන්ගේ පළමු විශ්‍රාම වැටුප සක්‍රීය කරනු ලබන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණයේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇති මාර්ගගතව (Online) ඇතුළත් කරනු ලැබූ තොරතුරු සමඟ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් හා ඇඟිලි සලකුණු ලබා දීමෙන් අනතුරුව නව විශ්‍රාමික හැඳුනුම්පත නිකුත් කරනු ලබයි.

සංකේතාත්මකව නව හැඳුනුම්පත විශ්‍රාමිකයන් වෙත නිකුත් කිරීම වෙනුවෙන් කෙටි උත්සවයක් 2023.04.10 වැනි දින දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

විශ්‍රාමික ප්‍රජාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ යූ.ඩී.සී ජයලාල් මහතා, කේ.ඒ.එච් හේමපාල මහතා,ජේ.සී වැලිගමගේ මෙනෙවිය, පී. ඕමත්තගේ මහතා, ඩබ්.ඒ.පී.ජේ විජේරත්න මහතා සහ පී.ත්‍යාගරාජා මහත්මිය යන මහත්ම මහත්මීන් වෙත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස් මහතා විසින් නව විශ්‍රාමික හැඳුනුම්පත් ප්‍රදානය කරන ලදී.

          

 alt=