Latest News & Events
රට තුළ උද්ගතව ඇති කොවිඩ්-19 හදිසි වාතාවරණය හමුවේ විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සඳහා වන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව අවලංගු කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
2021.05.03 දින සිට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කරන ලද සියලුම විශ්‍රාමිකයන් සඳහා ඒ අනුව ඉදිරියේ දී නැවත දිනයක් දැනුම් දෙනු ඇත.
කැඳවීම් කරන ලද සියලුම විශ්‍රාමිකයන්ගේ ජංගම දුරකථන වෙත කෙටි පණිවුඩ සේවාව ඔස්සේ ද මේ පිළිබඳ දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.
විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය (PMS) සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මධ්‍යගත දත්ත පද්ධතියේ පරිශීලක ගිණුම් (User Account) භාවිත කරන සියලුම නිලධාරීන් 2021 මැයි 01 වන දා සිට සියලුම මුරපද (Password) යාවත්කාලීන කළ යුතු වේ.
පරිශීලක ගිණුම් භාවිත කරන නිලධාරීන් සඳහා මුර පදය යාවත්කාලීන කිරීමේ දී ඔවුන්ගේ ජංගම දුරකථනවලට එවනු ලබන (OTP) අංකය පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු පහසුවෙන් මුර පදය යාවත්කාලීන කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අනියුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි කටයුතු කරන සියලුම නිලධාරීන් සහ අනෙකුත් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් විෂය භාරව කටයුතු කරන නිලධාරීන් මෙන්ම විශ්‍රාම වැටුප් කළමාණාකරණ පද්ධතිය සහ මධ්‍යගත දතත පද්ධතිය හා සමබ්න්ධ වන සියලුම නිලධාරීන් ඒ අනුව ඉදිරියේ දී සිය මුරපදයන් යාවත්කාලීන කිරීම සිදු කළ යුතු වේ.
මධ්‍යගත දත්ත පද්ධතියේ පරිශීලක ගිණුම් ද යාවත්කාලීන කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දැනුම් දී ඇති අතර අදාළ මාර්ගෝපදේශයන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙහි පළ කිරීමට ද කටයුතු යොදා තිබේ.
වැන්දඹු,වැන්දඹු පුරුෂ හා අනත්දරු ක්රමයේ නැවත ලියාපදිංචිය සිදු කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 26/2017 අනුව 82/83 හා M/F කාණ්ඩ යටතේ වැන්දඹු,වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් ක්රමයේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු මධ්‍යගත දත්ත පද්ධතියේ නැවත ලියාපදිංචිය සඳහා ලබා දුන් කාල සීමාව 2021.07.31 දක්වා දීර්ඝ කරනු ලැබිණි.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.pensions.gov.lk හෝ http://sathkara.pensions.gov.lk/wop reregistration වෙත පිවිසීමෙන් වැන්දඹු,වැන්දඹු පුරුෂ අනත්දරු ක්රමයේ නැවත ලියාපදිංචි වීම දැන් සිදු කළ හැක. නැවත ලියාපදිංචි වීමට අදාළ මාර්ගෝපදේශ පහතින් දක්වා ඇති අතර එහි දැක්වෙන පියවර නිවැරදිව අනුගමනය කර සාමාජික අංක පහසුවෙන් ලබා ගැනීම සිදු කළ හැකිය.
නැවත ලියාපදිංචියෙන් පසු ආයතනය විසින් නිලධාරියාගේ තොරතුරු තහවුරු කිරීම අනිවාර්ය වේ.ඉන් පසු සාමාජික කාඩ් පත්‍රය දෙපාර්තමේන්තු දත්ත පද්ධතියෙන් ලබා ගත හැකි වේ.නැවත ලියාපදිංචිය පහසුවෙන් සහ සරලව සිදු කිරීම සඳහා වූ මාර්ගෝපදේශ මාලාව වෙත මෙතැනින් පිවිසෙන්න
Latest News & Events
- ගෙවතු වගා කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිරිමත් කිරීමේ වැඩසටහනක්
- විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ 'සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ' දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීම ගාල්ලෙන් සහ මාතරින් ආරම්භ වේ.
- ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ නිලධාරීන් කණ්ඩායමක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර අධ්‍යයනකට සහභාගී වේ
- විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයාගේ සිංහල දමිළ අලුත් අවුරුදු පණිවුඩය
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ කාර්ගිල්ස් සමූහ ව්‍යාපාරයේ සහයෝගීත්වයෙන් විශ්‍රාමිකයන්ට සහන පැකේජයක්