Latest News & Events
වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක් මුදල් අය කිරීම සම්බන්ධ තොරතුරු විධිමත් අයුරින් විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුවට යොමු නොකර තිබීම නිසා බොහෝ නිලධාරින් විශ්‍රාම යන අවස්ථාවේ අපහසුතාවට පත් විය.
එකී ප්‍රමාද දෝශ අවම කිරීමට හා වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල් අය කිරීම විධිමත් කිරීමට මෙම චක්‍රලේඛ උපදෙස් ඉවහල් වනු ඇත.
අදාළ චක්‍රලේඛය අනුව පෙර වර්ෂයන් සඳහා වැන්දඹු හා අනත්දරු දායක වීම් පිළිබඳ තොරතුරු සම්පූර්ණ කිරීමේ දී වසර දෙකක සහන කාලයක් ලබා දී තිබේ.එම සහන කාල සීමාව තුළ විශ්‍රාම යන නිලධාරීන් අඛණ්ඩව වසර 10 ක කාලයක් මෙම අරමුදලට දායකත්වය ලබා දී ඇති බව නිරීක්ෂණය වන්නේ නම් එම තොරතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම ප්‍රමාණවත් වේ.
මේ සඳහා වන අංක 03/2020 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය වෙත මෙතනින් පිවිසෙන්න.
විනය ගරුක නීති ගරුක සෞඛ්‍ය සම්පන්න සමාජයක්,ඵලදායී පුරවැසියෙක්,සතුටින් ජීවත්වන පවුලක් නිර්මාණය කිරීම මෙන්ම තිරසර භෞතික සම්පත් සංවර්ධනය කිරීම තුළින් ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් සහ පරිසර කළමනාකරණය ඔස්සේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැපවීමට ප්‍රතිඥා දෙමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2021.01.01 වැනි දින නව වසරේ රාජකාරී ආරම්භ කරනු ලැබිණි.
කොවිඩ්-19 පිළිබඳ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල් තැන දෙමින් සම්ප්‍රදායානුකූලව ජාතික ධජය එසවීමෙන් ජාතික ගීය ගායනා කිරීමෙන්, රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි පූජා කළ සියලු විරුවන් සිහිපත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කිරීමට මෙහිදී කටයුතු කරනු ලැබිණි.
ගතවූ වසර තුළ මුහුණ දීමට සිදු වූ සුවිශේෂී අභියෝගාත්මක වාතාවරණය තුළ පවා හයලක්ෂ හැටදහසක් ඉක්මවූ ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාව වෙත අප්‍රමාදව සේවාවන් සැපයීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලදී.රට මුළුමනින්ම වසා දැමුණු කාල සීමාවේදී පවා විශ්‍රාමික පුරවැසියාගේ මූලික අයිතිය තහවුරු කරමින් රජයේ තීරණය පරිදි නියමිත දිනයටත් කලින් විශ්‍රාම වැටුප ලබා දීම වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සුවිශේෂී වැඩපිළිවෙළක් දියත් කරනු ලැබීය.
එම කාර්ය භාරයේ සාර්ථකත්වය කෙරෙහි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්,දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට අනුයුක්ත දෙපාර්තමේන්තුගත නිලධාරීන්ගෙන් සහ විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලියට සහයෝගය දක්වන අනෙකුත් සියලුම නිලධාරින්ගෙන් ලැබුණු විශිෂ්ඨ දායකත්වය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරමින් ස්තූතිය පළ කළ විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා පවතින අභියෝගාත්මක තත්ත්වය තුළ උවද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ රාජකාරි කටයුතු සඳහා පැකිළීමකින් තොරව සේවයට පැමිණ සහාය ලබා දුන් කාර්ය මණ්ඩලය වෙත විශේෂ ස්තූතිය පළ කරනු ලැබූ අතර දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාසී සමස්ත විශ්‍රාමික ප්‍රජාවට 2021 නිදුක් නීරෝගී සාමකාමී නව වසරක් වේවායි සුභාශිංසන එක් කරන ලදී.
![]() |
Latest News & Events
- 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින්, මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ නැවත ලියාපදිංචි කිරීම සඳහා ලබා දුන් කාල සීමාව දීර්ඝ කෙරෙයි.
- විශ්‍රාමික ජීවිත සහතිකය ඇඟිලි සලකුණු මඟින් ලබා දීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ශාඛා 20 ක් එක්වේ
- හෙට (2021.02.01) සිට විශ්‍රාම වැටුප් අයදුම්පත්‍ර මාර්ගගතව (Online) පමණයි
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල් අය කිරීම පිළිබඳ විස්තර පෞද්ගලික ලිපි ගොනුවලට ඇතුළත් කිරීම සහ පෙර වර්ෂයන් සඳහා තොරතුරු සම්පූර්ණ කිරීමට වසර දෙකක සහන කාලයක් ලබා දීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් අංක 03/2020 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් වේ.
- අභියෝගාත්මක 2020..