pic 1

විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සමුගන්නා විශ්රාම වැටුප් අතිරේක අධ්යක්ෂ ජනරාල්තුමන්ට සුබාශිංසන.

ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සිදු කරන මෙහෙවර පිටුපස දැවැන්‍ත භූමිකාවක් ඉටු කළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කේ රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා දෙපාර්තමේන්තුවේ රාජකාරියට සමුදෙමින් නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්ව යනු ලබයි.

2015 වර්ෂයේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ (පාලන) ලෙසින් පත්ව ආ ඒ මහතා පසුව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවිධාන සහ සංවර්ධන) ලෙස දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහ ඉන් ඔබ්බට සමස්ත විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කරනු ලැබුවේ ය. 
 
රාජ්‍ය නිලධාරියකු ලෙස සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ඉලක්ක හඹායමින් සම්පූර්ණ කිරීමටත් නව්‍යකරණය යථාර්ථයක් කර ගැනීමටත් ඔහු දුන් දායකත්වය ප්‍රශංසනීය ය.
 
විශ්‍රාම ‍ගැන්වෙන අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට කම්කරුවා දක්වා සියලු දෙනාට සමානාත්මතාවයෙන් සලකන පද්ධතියක් නිර්මාණය කිරීමට ද ඔහු අප්‍රමාණ දායකත්වයක් ලබා දුන්නේය.
 
විශ්‍රාම වැටුප රජයේ සේවයේ විශ්‍රාමිකයන් ගෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම ලබා දීම වෙනුවෙන් සෑම විටම පෙනී සිටි නිලධාරියෙකි.
 
රාජ්‍ය සේවය පිළිබඳ ඇති පරිචයත් පරිපාලනය පිළිබඳ ඔහු සතු පෘතුල දැනුමත් තවදුටරත් මෙරට රාජ්‍ය සේවය වෙනුවෙන් ලබා දීමටත් ඔහුගේ අනාගත වෘත්තිමය ජීවිතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමටත් අප විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට මෙසේ සුබාශිංසන ලබා දෙන්නෙමු.
 

finger print

රට තුළ උද්ගතව ඇති කොවිඩ්-19 හදිසි වාතාවරණය හමුවේ විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සඳහා වන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව අවලංගු කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

2021.05.03 දින සිට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කරන ලද සියලුම විශ්‍රාමිකයන් සඳහා ඒ අනුව ඉදිරියේ දී නැවත දිනයක් දැනුම් දෙනු ඇත.

කැඳවීම් කරන ලද සියලුම විශ්‍රාමිකයන්ගේ ජංගම දුරකථන වෙත කෙටි පණිවුඩ සේවාව ඔස්සේ ද මේ පිළිබඳ දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.

 

Untitled 1

විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය (PMS) සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මධ්‍යගත දත්ත පද්ධතියේ පරිශීලක ගිණුම් (User Account) භාවිත කරන සියලුම නිලධාරීන් 2021 මැයි 01 වන දා සිට සියලුම මුරපද (Password) යාවත්කාලීන කළ යුතු වේ.

පරිශීලක ගිණුම් භාවිත කරන නිලධාරීන් සඳහා මුර පදය යාවත්කාලීන කිරීමේ දී ඔවුන්ගේ ජංගම දුරකථනවලට එවනු ලබන (OTP) අංකය පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු පහසුවෙන් මුර පදය යාවත්කාලීන කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අනියුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි කටයුතු කරන සියලුම නිලධාරීන් සහ අනෙකුත් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් විෂය භාරව කටයුතු කරන නිලධාරීන් මෙන්ම විශ්‍රාම වැටුප් කළමාණාකරණ පද්ධතිය සහ මධ්‍යගත දතත පද්ධතිය හා සමබ්න්ධ වන සියලුම නිලධාරීන් ඒ අනුව ඉදිරියේ දී සිය මුරපදයන් යාවත්කාලීන කිරීම සිදු කළ යුතු වේ.

මධ්‍යගත දත්ත පද්ධතියේ පරිශීලක ගිණුම් ද යාවත්කාලීන කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දැනුම් දී ඇති අතර අදාළ මාර්ගෝපදේශයන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙහි පළ කිරීමට ද කටයුතු යොදා තිබේ.