නවතම පුවත් සහ සිදුවීම්
කොවිඩ්-19 වසංගතයේ පවතින වත්මන් තත්වය පිළිබඳව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2020.06.23 වන දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය එහි දී දේශනයක් පවත්වමින් වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳවත් එය මැඬ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම්වත් කරන ලදී.
වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ වැඩිහිටි ප්‍රජාව සමඟ ගණුදෙනු කරන ආයතනයක් ලෙසත් විශ්‍රාමිකයන් විශාල ප්‍රමාණයක් සමඟ සම්බන්ධ වන දෙපාර්තමේන්තුවක් ලෙසත් රාජකාරි කටයුතු වසංගතයට පෙර පැවති ආකාරයට ඉටුකිරීමට බාධාවක් නොමැති බවත් විශ්‍රාමික ප්‍රජාව සමඟ කටයුතු කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳවත් මෙහි දී නිලධාරීන් දැනුම්වත් කරනු ලැබිණි.
කොරෝනා වසංගත කාලය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් සංවිධානය කළ වැඩසටහනක් පසු ගිය දා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ගාල්ල කොටුව බාල දක්ෂ පෙදෙසෙහි පිහිටි ‘Hall de Galle’ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී වසංගත කාලය තුළ විශ්‍රාම ගිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි 200 කට අධික නව විශ්‍රාමිකයන් පිරිසකට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් සපයන ලදී. වසංගත තත්ත්වය තුල සහභාගී වන විශ්‍රාමිකයන්ගේ උපරිම සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගනිමින් මෙම කටයුත්ත සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය උපරිම සහයෝගය දෙනු ලැබුවේය.
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ ජගත් ඩී ඩයස් මහතා ද මෙම අවස්ථාව නිරීක්ෂණය කරන ලද අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරි කණ්ඩායමක් මේ සඳහා ස්වේච්ඡාවෙන්ම තම දායකත්වය ලබා දෙනු ලැබීය.
විශ්‍රාම වැටුප් සේවාවන් ලබා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන විශ්‍රාමිකයන් දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) නිශ්චිත දිනයක් සහ නියමිත වේලාවක් වෙන්කරගත යුතු බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ සඳහා මේ වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නව මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙන අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමට අවශ්‍යය විශ්‍රාමිකයින් මෙම මෘදුකාංගය වෙත පිවිස අදාළ තොරතුරු පද්ධතිය වෙත ඇතුළත් කර වේලාවක් වෙන් කරවා ගත හැක.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත දිවයිනේ නන් දෙසින් විවිධ අවශ්‍යතා සඳහා විශ්‍රාමිකයන් නිරන්තරයෙන් පැමිණෙන දෙපාර්තමේන්තු පරීශ්‍රයකි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විශ්‍රාමිකයන් විශාල පිරිසක් එකවර දෙපාර්තමේන්තුව වෙත ඒකරාශී වීම වළක්වා දෙපාර්තමේන්තුවට පැමිණෙන විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
එසේම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් මේ වන විට මාර්ගගත පද්ධතීන් හරහා ක්‍රියාත්මක වන බැවින් සේවාලාභීන්ට තමන්ට අවශ්‍ය සේවාවන්ට අදාල තොරතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. මීට අමතරව රාජකාරී කාලය තුල 1970 දුරකථන අංකය හරහාද ,ජංගම දුරකථන භාවිතය ( Sri Lanka Pensions Mobile App) හරහාද තමන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධව තොරතුරු විශ්‍රාමිකයන්ට පරික්ෂා කිරීමට පහසුකම ඇත.
එසේම සියලුම විශ්‍රාමිකයන්ගේ හා සේවාලාභීන්ගේ පහසුව උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් පිලිබඳව විමසීමට හැකියාව පවති. එබැවින් පවතින වසංගත තත්වය තුලදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සේවාලාභීන් වන රටේ ජ්‍යේෂ්ඨ පුරවැසි ප්‍රජාව වෙත සිය සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු වන ලෙස ඉහත දැක්වු පරිදි සිය සේවාවන් නිවසේ සිට හෝ ජංගම දුරකථනය මාර්ගයෙන් හො ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලබා ගැනීමට උනන්දුවන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
නවතම පුවත් සහ සිදුවීම්
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බක්මහ සැණකෙළිය-2023
- විශ්‍රාමිකයන් සඳහා නව හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹේ
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කාර්යබහුල වැඩ අධික හා අභියෝගාත්මක 2023 නව වසරේ රාජකාරී අරඹයි.
- අග්‍රාමාත්‍යවරයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක
- විශ්‍රාම වැටුප් සක්‍රීයකරණය විමධ්‍යගත කිරීම තවත් දිස්ත්‍රික්ක තුනක දී ආරම්භ වේ.