சமீபத்திய செய்திகள் மற்றும் நிகழ்வுகள்
විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය (PMS) සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මධ්‍යගත දත්ත පද්ධතියේ පරිශීලක ගිණුම් (User Account) භාවිත කරන සියලුම නිලධාරීන් 2021 මැයි 01 වන දා සිට සියලුම මුරපද (Password) යාවත්කාලීන කළ යුතු වේ.
පරිශීලක ගිණුම් භාවිත කරන නිලධාරීන් සඳහා මුර පදය යාවත්කාලීන කිරීමේ දී ඔවුන්ගේ ජංගම දුරකථනවලට එවනු ලබන (OTP) අංකය පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු පහසුවෙන් මුර පදය යාවත්කාලීන කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අනියුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි කටයුතු කරන සියලුම නිලධාරීන් සහ අනෙකුත් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් විෂය භාරව කටයුතු කරන නිලධාරීන් මෙන්ම විශ්‍රාම වැටුප් කළමාණාකරණ පද්ධතිය සහ මධ්‍යගත දතත පද්ධතිය හා සමබ්න්ධ වන සියලුම නිලධාරීන් ඒ අනුව ඉදිරියේ දී සිය මුරපදයන් යාවත්කාලීන කිරීම සිදු කළ යුතු වේ.
මධ්‍යගත දත්ත පද්ධතියේ පරිශීලක ගිණුම් ද යාවත්කාලීන කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දැනුම් දී ඇති අතර අදාළ මාර්ගෝපදේශයන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙහි පළ කිරීමට ද කටයුතු යොදා තිබේ.
වැන්දඹු,වැන්දඹු පුරුෂ හා අනත්දරු ක්රමයේ නැවත ලියාපදිංචිය සිදු කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 26/2017 අනුව 82/83 හා M/F කාණ්ඩ යටතේ වැන්දඹු,වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් ක්රමයේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු මධ්‍යගත දත්ත පද්ධතියේ නැවත ලියාපදිංචිය සඳහා ලබා දුන් කාල සීමාව 2021.07.31 දක්වා දීර්ඝ කරනු ලැබිණි.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.pensions.gov.lk හෝ http://sathkara.pensions.gov.lk/wop reregistration වෙත පිවිසීමෙන් වැන්දඹු,වැන්දඹු පුරුෂ අනත්දරු ක්රමයේ නැවත ලියාපදිංචි වීම දැන් සිදු කළ හැක. නැවත ලියාපදිංචි වීමට අදාළ මාර්ගෝපදේශ පහතින් දක්වා ඇති අතර එහි දැක්වෙන පියවර නිවැරදිව අනුගමනය කර සාමාජික අංක පහසුවෙන් ලබා ගැනීම සිදු කළ හැකිය.
නැවත ලියාපදිංචියෙන් පසු ආයතනය විසින් නිලධාරියාගේ තොරතුරු තහවුරු කිරීම අනිවාර්ය වේ.ඉන් පසු සාමාජික කාඩ් පත්‍රය දෙපාර්තමේන්තු දත්ත පද්ධතියෙන් ලබා ගත හැකි වේ.නැවත ලියාපදිංචිය පහසුවෙන් සහ සරලව සිදු කිරීම සඳහා වූ මාර්ගෝපදේශ මාලාව වෙත මෙතැනින් පිවිසෙන්න
වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්රමයන් හි 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මාර්ගගත (Online) දත්ත පද්ධතියේ නැවත ලියාපදිංචි වීම සඳහා ලබා දුන් කාල සීමාව දීර්ඝ කිරීම සඳහා වූ චක්‍රලේඛය මේ වන විට නිකුත් වී ඇත.
2021.02.10 දින නිකුත් කරනු ලැබූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 26/2017 (V) අනුව එකී ලියාපදිංචි වීම් සඳහා ලබා දී තිබූ අවසන් දිනය 2021.07.31 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
මේ වන විටත් 82 / 83 හා M/F කාණ්ඩවලට අයත් වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු අංක ලබා ගෙන ඇති නමුත් තවමත් මාර්ගගත ක්‍රමය යටතේ තම තොරතුරු ලියාපදිංචියට ඇතුළත් නොකරන ලද සියලු නිලධාරීන් තම තොරතුරු 2021.07.31 දිනට පෙර ඇතුළත් කළ යුතුය.
පහත චක්‍රලේඛය අනුව විශ්‍රාම වැටුප් සහිත තනතුරුවල සේවය කරන රාජ්‍ය නිලධාරීන් වැන්දඹු අනත්දරු ක්රමයේ ලියාපදිංචි විය යුතුය.ඒ අනුව 2021.07.31 දිනට පෙර රාජ්‍ය සේවයට බැඳී මාර්ගගත ක්‍රමය ඔස්සේ තම වැන්දඹු හා අනත්දරු සාමාජිකත්වය තහවුරු කර ගෙන නොමැති සියලු දෙනාම මේ යටතේ ලියාපදිංචි වීම අත්‍යාවශ්‍ය වේ.ඒ ඔස්සේ විශ්‍රාම වැටුප් හිමිගැන්වීමේ දී සිදු විය හැකි අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට ද රාජ්‍ය නිලධාරීන්ට හැකි වනු ඇත.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 26/2017 (V) සඳහා මෙතැනින් පිවිසෙන්න.
சமீபத்திய செய்திகளும் நிகழ்வுகளும்
- සිංහල හා දමිළ අලුත් අවුරුදු සම්ප්‍රදායන් අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නව වසරේ රාජකාරී අරඹයි
- විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයාගේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
- රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන ආමාත්‍යාංශයේ නව ලේකම්වරයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරයි.
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2024 නව වසරේ රාජකාරී අරඹයි
- ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ නිලධාරීන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යයන චාරිකාවක