pic 1

ගෝලීය කොරෝනා වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු රාජකාරී සඳහා සකස් කරනු ලැබූ නව මෙහෙයුම් පද්ධතිය පසු ගිය දා ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි. මෙම අවස්තාව සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ,ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වසන්ත දේශප්‍රිය මහතා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා,විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් meet.gov.lk ඔස්සේ නිවෙස්වල සිට එක් වී සිටියේය.

ඒ අනුව ප්‍රථම අයදුම්පත ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ අයදුම්පතක් පද්ධතියට ඇතුළත් කරනු ලැබීය.

මේ වන විට අදාල වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර අයදුම්පත්‍ර 500කට අධික සංඛ්‍යාවක් විවිධ ආයතන විසින් පද්ධතියට ඇතුළත් කර තිබේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය එම අයදුම්පත්‍ර පරික්ෂා කිරීම් ආරම්භ කර ඇත.

මෙම පරිගණක වැඩසටහන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ මුලිකත්වයෙන් සහ සංජේ ලංකා පුද්ගලික ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කර ඇත.



pic 1

උද්ගතව ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ රාජකාරියන්හි නියුතුවන යුධ හමුදා නිලධාරීන්ගේ නිරෝධායන කටයුතු සඳහා කැළණිය වෙදමුල්ලේ පිහිටි විශ්‍රාමික නිවාඩු නිකේතනය යුධ හමුදාව වෙත භාර දීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබම නිවාඩු නිකේතන පරිශ්‍රය තාවකාලික පදනමින් හමුදා නිලධාරීන් රාජකාරියෙන් වෙන් කිරීමේ මධ්‍යස්ථානක් ලෙස භාවිත කිරීමට හැකි වේ.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමේ සටනෙහි නියැළී සිටින වීරෝධාර හමුදා නිලධාරීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් මෙම දායකත්වය ලබා දෙන අතර මේ වන විට කොවිඩ්-19 ක්‍රියාන්විතය සඳහා එක් වී වෛරසය ආසාධනය වීම නිසා රෝගාතුර වී සිටින ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන්ට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කර සිටිමු.

pic 1
 ගෝලීය කොරෝනා වෛරස වසංගත තත්ත්වය තුළ නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ වැඩපිළිවෙල යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙපාර්තමේන්තුව සමඟ මාර්ගගතව(online ) සම්බන්ධ කරගැනීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ.පවතින තත්ත්වය හමුවේ විශ්‍රාම ගනු ලබන නිලධාරීන්ගේ ජීවන තත්ත්වය යථා පරිදි පවත්වා ගැනීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සමඟ එක් වී මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි.

ඒ අනුව විශ්‍රාම වැටුප් ගෙවීම් කළමනාකරණ පද්ධතිය මඟින් මුද්‍රණය කරනු ලබන අයදුම්පතෙහි දෘඩ පිටපත හා අයදුම්පත්‍රය සමඟ එවිය යුතු ඇමණුම් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත මාර්ගගතව යොමු කිරීමට නිලධාරීන්ට හැකියාව ලැබේ.තවදුරටත් තැපැල් මාර්ගයෙන් දෘඩ පිටපත් එවීම අවශ්‍ය නොවන අතර මාර්ගගත පද්ධතිය ඔස්සේ යොමු කිරීම ප්‍රමාණවත් ය.

http:workflow.pensions.gov.lk/workspaceui යන වෙබ් පිවිසුම භාවිත කර මෙම මාර්ගගත පහසුකම ලබා ගැනීම සඳහා ප්‍රවේශ විය හැකිය.දැනට විශ්‍රාම කළමනාකරණ පද්ධතියේ ලියාපදිංචි වී ඇති නිලධාරීන්ට පරිශීලක නාමය සහ මුරපද ලෙස ජාතික හැඳුනුම්පත් අංක භාවිත කළ හැකිය.

පද්ධතිය භාවිත කිරීම සඳහා උපදෙස් 0115920403 දුරකථන අංක හෝ இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். විද්‍යුත් තැපෑල ඔස්සේ ලබා ගත හැකිය.